පළාත් පාලන ඡන්දයේ නාමයෝජනා අවලංගු කිරීමේ කෙටුම්පත ගැසට් කෙරේ
2023 මැතිවරණය සඳහා ඉදිරිපත් කරන ලද නාමයෝජනා අවලංගු කිරීමට සහ අලුතින් නාමයෝජනා කැඳවීමට හැකි වන පරිදි පළාත් පාලන ආයතන මැතිවරණ පනත සංශෝධනය කිරීම සඳහා වන කෙටුම්පත් ගැසට් කර තිබේ.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාගේ නියෝග පරිදි මෙම ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ.
එම පනත් කෙටුම්පතට අනුව පසුගිය 2023 වර්ෂයේ මාර්තු මස 9 වන දින පැවැත්වීමට දින නියම කරන ලද පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත්කරන ලද නාමයෝජනා පත්‍ර අවංගු වනු ඇත.
දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් නම් කරනු ලැබූ අපේක්ෂකයින් සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ තැන්පතු ආපසු ගෙවීමට ද මෙම පනත් කෙටුම්පත මඟින් දැනුම් දී තිබේ.