2025 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත්කර ගැනීම ගැන දැනුම්දීමක්
රජයේ පාසල්වල හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2025 වසරේ දී පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමේ දිනය සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, පළමු වන ශ්‍රේණියට ඇතුළත් වන නවක සිසුන් සඳහා සිංහල, දෙමළ හා මුස්ලිම් පාසල්වල පන්ති ආරම්භ වන්නේ, 2025 ජනවාරි මස 30 වන බ්‍රහස්පතින්දා බවයි, එම නිවේදනයේ සඳහන් වෙන්නේ.