ඇමති සුනිල් හඳුන්නෙත්ති නමින් කෙරෙන මුදල් වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්
තමන්ගේ නමින් වංචා සහගතව සිදුකර ඇති මුදල් එකතු කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.
පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් විසින් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ඉලක්ක කර ගනිමින් ප්‍රජා සත්කාරක සේවා සඳහා යැයි පවසමින් මුදල් ලබාගන්නා බවට තමන් වෙත තොරතුරු වාර්තා වී ඇති බව සඳහන් කරමින් අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.
වට්ස්ඇප් සමූහයක් ඔස්සේ සම්බන්ධ වී මෙම ආධාර එකතු කිරීමේ ජාවාරම සිදුකරගෙන යන බවත්, ජපානය, දකුණු කොරියාව, මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකිකයින් රවටා මෙම කටයුත්ත සිදුකරගෙන යන බවත් ඔහු පැවසීය.
මෙම ජාවාරම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් දැනුම් දී තිබේ.