වෙලේ සුදා, ඔහුගේ බිරිඳ හා නැගණියට එරෙහි නඩුවේ තීන්දුවට වුන දේ
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේසුදා ඇතුළු තුන් දෙනෙකුට එරෙහි නඩුවේ තීන්දුව ජනවාරි මස 15 වනදා ප්‍රකාශයට පත් කරන බවට කොළඹ මහාධිකරණය නිවේදනය කළා.
ඒ තීන්දුව අද (20) දින ප්‍රකාශයට පත් කිරීම සඳහා සූදානම් කර නොමැති වීම හේතුවෙනුයි.
හෙරොයින් මත්කුඩු ජාවාරමෙන් උපයා ගත් රුපියල් කෝටි 17කට අධික වත්කම් දේපළ අත්පත් කරගැනීමේ චෝදනාවට වෙලේසුදා මේ වන විට මරණීය දණ්ඩනය නියම වී සිටිනවා.
රුපියල් කෝටි 17 කට අධික මුදලක් වැය කර රාජගිරිය, දෙහිවල හා මාදිවල ප්‍රදේශවල වත්කම් අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට වෙලේසුදා, ඔහුගේ බිරිඳ ගයනී ප්‍රියදර්ශනී හෙවත් සුජී හා ඇයගේ සොහොයුරිය හෙවත් නදී නමැත්තියට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබෙනවා.
2010 ජනවාරි 01 වැනි දින හා 2012 පෙබරවාරි 25 කාලය අතරතුර මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයාගත් මුදලින් සුඛෝපභෝගී වාහන, වටිනා භාණ්ඩ, නිවාස ආදිය අධිකරණ නියෝග මත රජයේ භාරයට ගෙන තිබෙනවා.