වැලි මුවෙකු මරා මස් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකුට වැඩ වරදී

වැලි මුවෙකු මරා මස් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකුට වැඩ වරදී

වගාවක දැලක පැටලී සිටි වැලි මුවෙකු මරා මස් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කැප්පෙටිපොළ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හක්ගල වනජීවී අඩවිය හා සීතාඑලිය වනජීවී බීට්ටු කාර්යාල නිලධාරීන් එක්ව පසුගිය 07වන දින සිදු කල වැටලීමකදී එම පුද්ගලයන් දෙදෙනා මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද දින 2024-12-17 වැලිමඩ මහෙස්ත්‍රාත් අධිකරණය මගින් එක් පුද්ගලයකුට 150,000 බැගින් 300,000 ක දඩ නියම කර ඇත.

මෙම වැටලීම සඳහා වනජීවී අඩවි ආරක්ෂක ශ්‍රීනාත් බණ්ඩාර, වනජීවී අඩවි සහකාර සිසිර කහතුඩුව, වනජීවී නියාමක රජිත් ධනුෂ්ක, ක්ෂේත්‍ර සහයක අජිත් ශාන්ත, රියදුරු හර්ෂ කිත්සිරි යන නිලධාරීන් සහභාගි විය.