නව කථානායක ලෙස වෛද්‍ය ජගත් වික්‍රමරත්න තේරී පත්වෙයි
10 වන පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා තේරී පත්විය.
ඒ අද (17) පැවැති පාර්ලිමේන්තු සභාවාරයේදීය.
එහිදී ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් නව කථානායකවරයා වෙනුවෙන් වූ යෝජනාව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් ගෙන ආ අතර බිමල් රත්නායක විසින් විසින් එය ස්ථීර කරනු ලැබීය.
10 වන පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස තේරී පත්වූ අශෝක රංවල මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු කථානායක ධුරය පුරප්පාඩු ව තිබුණි.