අද කාලගුණය

අද කාලගුණය

ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව අද අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාවක් පවතින අතර එම පද්දතිය තවදුරටත් සෙමින් වර්ධනය ව‌ෙමින් බහිරට වයඹ දෙසට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඉන් පසුව එළඹෙන දින දෙක තුලදි, එය දිවයිනේ උතුරුට ආසන්නව තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කිරීමේ හකියාවක් හැකියාවක් පවතී.

මෙම පද්ධතිය සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සන්නිවේදන පිළිබඳව විශේෂයෙන් දිවයිනේ නැගෙනහිර සහ උතුරු පළාත්වල වෙසෙන ජනතාව අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටියි.

අද (දෙසැම්බර් 15) නැගෙනහිර පළාතේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. මධ්‍යම, සබරගමුව, නැගෙනහිර සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 පමණ තද වැසි ඇති විය හැකියි.