වෙඩි ප්‍රහාරයකින් සමෘද්ධි කාර්යාල සහයකයෙකු මරුට

වෙඩි ප්‍රහාරයකින් සමෘද්ධි කාර්යාල සහයකයෙකු මරුට

යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට ඊයේ (14) මීගොඩ නාගහවත්ත ප්‍රදේශයේ දී සිදුකල වෙඩි තැබීමකින් බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ 32 හැවිරිදි “බබා” නමැති නමින් හඳුන්වන තරංග කල්දේරා නැමති සමෘද්ධි කාර්යාල සහයකයකු ලෙස සේවය කරන අයෙකි.

ඝාතනයට ලක් වූ පුද්ගලයා සිය බිරිඳ සහ කුඩා දරුවා සමගින් සිය සහෝදරයාගේ නිවසේ සිට තම නිවස බලා යමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඇති බවට සිදුකල මූලික පරීක්ෂණයේදී අනාවරණය වූ බව ද පොලිසිය පවසයි.

බිරියට සහ දරුවාට කිසිදු අනතුරක් සිදුව නැති බවයි වාර්තා වන්නේ.