![කතානායකගේ ආචාර්ය පට්ටම පාර්ලිමේන්තු වෙබ් අඩවිය ගලවයි කතානායකගේ ආචාර්ය පට්ටම පාර්ලිමේන්තු වෙබ් අඩවිය ගලවයි](https://cdn.statically.io/img/newsi.lk/wp-content/uploads/2024/12/pa.jpg?quality=100&f=auto)
කතානායකගේ ආචාර්ය පට්ටම පාර්ලිමේන්තු වෙබ් අඩවිය ගලවයි
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක අසෝක සපුමල් රන්වල මහතාගේ නමට ඉදිරියෙන් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන් වූ ‘ආචාර්ය’ යන උපාධි නාමය ඉන් ඉවත් කර තිබේ.
ඒ, කතානායකවරයාට ආචාර්ය උපාධියක් තිබෙනවාද නැතිද යනුවෙන් විවාදයක් මතු වී තිබෙන පසුබිමකයි.
නව කතානායකවරයා පත්කිරීමත් සමග ඔහුගේ නම ‘ගරු ආචාර්ය අසෝක සපුමල් රන්වල’ ලෙස සඳහන් කර තිබුණ ද අනතුරුව එය ‘ගරු අසෝක සපුමල් රන්වල’ ලෙස නැවත සංස්කරණය කර තිබේ.
සබරගමුව විශ්වවිද්‍යාලයේ ආචාර්ය කුමාර කළුආරච්චි කතානායකවරයාගේ ආචාර්ය උපාධිය පිළිබඳ ප්‍රශ්න කිරීමත් සමග මහත් ආන්දෝලනයක් ඇති වූ අතර මෙතෙක් සිය ආචාර්ය උපාධිය හෝ මූලික උපාධිය හෝ සත්‍යය යැයි තහවුරු කිරීමට කතානායක අශෝක රන්වල සමත්ව නොමැත.
මේ අතර අද (10) පෙරවරුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ද මෙම සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටි අතර, එහිදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේ, කතානායකවරයා ඉදිරියේ දී ඒ සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක් සිදු කරනු ඇති බවයි.
කතානායකවරයාට එල්ලවන චෝදනා සත්‍ය වුවහොත් ගනු ලබන පියවර ගැන විමසූ අවස්ථාවේදී ඇමැතිවරයා කියාසිටියේ, කතානායකවරයා සිය පිළිතුර ලබාදුන් පසු ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් සිය අදහස ප්‍රකාශ කරනු ඇති බවයි.