උදයංග වීරතුංග සහ කපිල චන්ද්‍රසේනට අමෙරිකාවෙන් සම්බාධක

උදයංග වීරතුංග සහ කපිල චන්ද්‍රසේනට අමෙරිකාවෙන් සම්බාධක

ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට අමෙරිකාව විසින් චෝදනා දෙකක් එල්ල කරමින් සම්බාධක සහ වීසා සීමා පනවා තිබෙනවා.

ඒ අනුව ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට එයාර් බස් ගුවන් යානා මිලට ගැනීමේ ගනුදෙනුවේදී අල්ලස් ගත් බවට චෝදනා එල්ල වී තිබෙනවා.

එසේම රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා හට , ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනීමේ දූෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ බවට චෝදනා එල්ල වී තිබේ.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව, 7031(c) වගන්තිය යටතේ පුද්ගලයන් සහ ඔවුන්ගේ සමීපතම පවුලේ සාමාජිකයන් යන කොටස් දෙකම ප්‍රසිද්ධියේ නම් කර ඇති අතර, ඔවුන්ට එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කර තිබේ.

මීට අදාළ එක්සත් ජනපද වාර්තාවේ මෙසේ සඳහන් වේ.