පා.මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් ගමන්ගත් රියේ ගැටුණු කාන්තාවක් මරුට
සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසයේ යාපනයේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා ගමන්ගත් ජිප්රථයේ වෙන්නප්පුව ප්‍රදේශයේදී පදික කාන්තාවක් ගැටී බරපතල තුවාල ලබා මියගොස් ඇතැයි වෙන්නප්පුව පොලිසිය පවසයි.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 70 ක් පමණ වන යාචක කාන්තාවක් බව පොලිසිය සඳහන් කරයි.
මන්ත්‍රීවරයාට අයත් එම පුද්ගලික ජීප් රථයේ මන්ත්‍රීවරයා සහ රියදුරු ඊයේ (08) දහවල් ගමන් කරමින් සිටියදී කොළඹ පුත්තලම මාර්ගයේ බෝලවත්ත හන්දියේදී අනතුර සිදුව ඇතැයි පොලිසිය සඳහන් කරයි.
සිද්ධියෙන් තුවාල ලැබූ කාන්තාව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගේ රියදුරුවන (60) හැවිරිදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇත.