කලාවැව කුලී නිවසක් තුළ මළ සිරුරක් – නිවසේ කුලියට සිටි යුවළ අතුරුදන්

කලාවැව කුලී නිවසක් තුළ මළ සිරුරක් – නිවසේ කුලියට සිටි යුවළ අතුරුදන්

කලාවැව, වලව්වේගම ප්‍රදේශයේ නිවසක් තුළ තිබී ඝාතනය කළ බවට සැක කෙරෙන පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (08) රාත්‍රියේ සොයාගෙන තිබෙනවා.

මෙලෙස ඝතනයට ලක්ව ඇත්තේ වලව්වේගම ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි වියේ පසු වූ අයෙක් බවයි ඉපලෝගම පොලිසිය සඳහන් කළේ.

මළ සිරුර හමු වූ නිවස ඝාතනයට ලක්වූ පුද්ගලයා විසින් වෙනත් ප්‍රදේශයක යුවළක් සඳහා කුලී පදනම මත ලබා දී තිබූ බවයි විමර්ශන වල දී අනාවරණය වී ඇත්තේ.

සිරුර හමුවූ එම නිවසේ කුලීයට සිටි යුවළ ද පෙරේදා (07) සිට එම නිවස අතහැර පළා ගොස් ඇතැයි පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ඉපලෝගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා