ලක්ෂ 75ක විද්‍යුත් දුම්වැටි තොගයක් රේගු නිලධාරීන් භාරයට
රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා විද්‍යුත් දුම්වැටි තොගයක් ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
මෙම තොගය රැගෙනවිත් තිබෙන්නේ නිට්ටඹුව , තිහාරිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.
ඔහු සිය බිරිඳ සහ ඔවුන්ගේ ළමුන් දෙදෙනා සමග කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඔවුන් ඊයේ පස්වරු 04.35 ට ඩුබායි සිට , ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 549 දරන ගුවන් යානයෙනුයි පැමිණ තිබුණේ.
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 08 ක් තුළ , විවිධ ස්ථාන වල කුඩා පාර්සල් ලෙස චීනයේ නිෂ්පාදිත මෙම විද්‍යුත් දුම්වැටි 740 ක් සහ ” බෙන්සන් ඇන්ඩ් හෙජස් ” වර්ගයේ දුම්වැටි 780 ක් ද සඟවා තිබියදී සොයිගෙන තිබෙනවා.
තමන් වෙත ලැබී තිබූ ඇනවුම් මත මෙම දුම්වැටි තොගය මෙරටට රැගෙන ඒමට කටයුතු කළ බවයි මෙම ව්‍යාපාරිකයා රේගු නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබෙන්නේ.
මොහු අත් අඩංගුවේ තබා ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන බවයි රේගු නිලධාරීන් පවසන්නේ.