මට ජනපති ගැන සතුටුයි – රෝහිත

මට ජනපති ගැන සතුටුයි – රෝහිත

වත්මන් ජනපති කිසිම කොළයක් නොබලා ඔළුවේ තිබෙන විෂය ධාරාව පාර්ලිමේන්තුවේ කතා කළ විදිය සම්බන්ධයෙන් තමා සතුටට පත්වෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

“ආණ්ඩුවට යන්න තිබෙන ගමන විල්ලු ද පලසක් මත නොවේ.ඉතාම දුෂ්කර මාර්ගයක් මේ ආණ්ඩුවට තිබෙනවා.

ආණ්ඩුවක් අරගෙන මාස තුනකින් ආණ්ඩුවේ ගුණ අගුණ හොයන්නත් බෑ. වසරක් ,දෙකක් ගත විය යුතුයි.සැබෑ විපක්ෂයක භූමිකාව රඟ දක්වන්න මා බලාපොරොත්තු වෙනවා.

ආණ්ඩුව කරන හැම හොඳ වැඩේටම විපක්ෂය විරුද්ධ වුණා.අප ඒ සම්ප්‍රදායෙන් දැන් එළියට යා යුතුයි. වෙනස් විදියට හිතන්න විපක්ෂය ලෙස අප ලෑස්තියි .

හැබැයි ජනතාවගේ බලාපොරොත්තු ඉටු කළ යුතුයි යනුවෙන්ද රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.