ගිනි අවි සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්
සිවිල් වැසියන්ට නිකුත් කර ඇති ගිනි අවි සම්බන්ධයෙන් විගණන කටයුතු ආරම්භ කර ඇති බවත්, ඒ වෙනුවෙන් විශේෂ කණ්ඩායමක් ක්‍රියාත්මක බවත් ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ, විගණනයෙන් පසු හඳුනා ගන්නා පුද්ගලයින්ට යළි ගිනි අවි භාරදීමට පියවර ගන්නා බවයි.
මේ අතර, ගිනි අවි ලබා ගෙන ඇති පුද්ගලයින් ගිනි අවි භාර දීම සම්බන්ධයෙන් යොමු කර ඇති අභියාචනා විභාග කිරීම ද, මේ වන විට සිදුවෙයි.
ඒ අනුව දෛනිකව අභියාචනා 50 ක් පමණ සලකා බැලෙන බව, ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ය.