රුහුණු විශ්වවිද්‍යාලයේ වර්ජනය අවසන්

රුහුණු විශ්වවිද්‍යාලයේ වර්ජනය අවසන්

රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා එම ධූරයෙන් ඉවත් කිරීමත් සමඟ එම සරසවියේ පසුගියදා ආරම්භ කළ වර්ජනය අවසන් කර තිබේ.

ඒ අනුව, අද (25) පෙරවරු 7.00 සිට සුපුරුදු පරිදි රාජකාරි සඳහා වාර්තා කරන ලෙස තම සංගමයේ නියෝජිතයන්ට දැනුම්දී ඇති බවයි, එම විශ්වවිද්‍යාලයේ ලිපිකාර හා කාර්මික සේවා සංගමයේ සභාපති කැළුම් ගමගේ සඳහන් කළේ.