අස්වැසුමට අයැදුම් කරන්න අතිරේක සහන කාලයක්
අස්වැසුම සුබසාධක ප්රතිලාභ වැඩසටහනට අයදුම්පත් ලබා දීමට අද (25) සිට අතිරේක සහන කාලයක් ලබා දීමට සුබසාධක ප්රතිලාභ මණ්ඩලය තීරණය කර තිබේ.
එම කාලය ලබන මස 02 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.
සුබ සාධක ප්රතිලාභ මණ්ඩලය නිවේදනය කළේ, අස්වැසුම පළමු වටයේ ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී අගතියට පත් තැනැත්තන් සඳහා දුක්ගැනවිලි ඉදිරිපත්කිරීමටද අවස්ථාව ලබා දෙන බවයි.
එම කාලය තුළ නියමිත අයදුම්පත්‍රය සම්පූර්ණ කර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාරදිය යුතු වෙයි.
අයැදුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හෝ සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි.
මීට අමතරව පළමු අදියරට අයදුම් කළ තැනැත්තන්ට ගැටලු හෝ දුක්ගැනවිලි ඇත්නම් එයද ඊට අදාළ අයදුම්පත්‍රය සමග ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හෝ සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ වෙබ් අඩවියෙන් ලබාගෙන සම්පූර්ණ කර ප්‍රාදේශීය ලේකම් කාර්යලයට භාර දිය යුතුය.
ඒ සඳහා ලබා දී ඇති කාලය අද සිට ලබන මස 15 වනදා දක්වා ක්‍රියාත්මකයි.
අස්වැසුම දෙවන අදියර සඳහා ලැබී ඇති අයදුම්පත්‍ර සංඛ්‍යාව හාරලක්ෂ 55,000කි.
පලමු අදියර යටතේ පුද්ගලයින් දාහත් ලක්ෂකට සුබසාධක ප්රතිලාභ දීමනා ගෙවීම සිදු කරනු ලබයි.