මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය
2024 මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය මේ වනවිට නිකුත්කර තිබේ.
ජාතික ජනබලවේගය එහිදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා තිබේ.
ඒ අනුව, ජාතික ජන බලවේගයට දසවැනි පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකටත් වඩා මන්ත්‍රී ආසන නවයක් හිමිව තිබීම කැපී පෙනේ.
එහිදී ජාතික ජනබලවේගයට ඡන්දයෙන් මන්ත්‍රී ආසන 141ක් ද, ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ආසන 18 ක් ද, ලෙස සමස්ත ආසන 159 හිමිවිය.
සමගි ජන බලවේගයට එම ඡන්ද ප්‍රතිඵල අනුව මන්ත්‍රී ආසන 35 ක් ද, ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන 5 ක් ද, ලෙස සමස්ත ආසන 40 ක් හිමිවිය.
ඉලංගගේ තමිල් අරුසුකච්චි පක්ෂය ඡන්දයෙන් මන්ත්‍රී ආසන 7 ක් ද, ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන 1 ක්ද සමග ආසන 8 ක් හිමිකර ගනිමින් තෙවැනි ස්ථානයට පත්විය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ ආසන 5 ක්ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 3 ක්ද, සර්වජන බලයට ජාතික ලැස්තු මන්ත්‍රි ධූරයක් ද හිමිව තිබේ.
ජාතික ජන බලවේගය -6,863,186 ආසන – 159
සමගි ජන බලවේගය -1,968,717 ආසන – 40
ඉලංකෙයි තමිල් අරසු කච්චි -257,813 ආසන – 8
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ – 500,835 ආසන – 5
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 350,429 ආසන -3
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය -87,038 ආසන – 3
සර්වජන බලය -178,008 ආසන -1
එක්සත් ජාතික පක්ෂය – 66,234 ආසන – 1
ප්රජාතන්ත්රවාදී ද්‍රවිඩ ජාතික සන්ධානය 66,382 ආසන – 1
අඛිල ඉලංකෙයි තමිල් කොංග්‍රසය – 39,894 ආසන -1
අඛිල ඉලංකෙයි මක්කල් කොංග්‍රසය – 33,911 ආසන 1
යාපනය ස්වාධීන කණ්ඩායම 17 – 27,855 ආසන 1
ශ්‍රී ලංකා කම්කරු පක්ෂය – 17,710 ආසන 1