ඇමරිකාව ආරුගම්බේ සඳහා පැනවූ සංචාරක සීමාව ඉවත්කරයි
ආරුගම්බේ ප්රදේශය සඳහා අමෙරිකානු පුරවැසියන්ට තාවකාලිකව පනවා තිබූ සංචාරක සීමාවන් ඉවත් කළ බව කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
පසුගිය ඔක්තෝබර් 23 වනදා අමෙරිකානු තානාපති කාර්යාලය මගින් අදාළ සංචාරක සීමාවන් පනවනු ලැබුවේ ප්රදේශයේ ඊශ්රායල සංචාරකයන් ඉලක්ක කරගෙන සැකකටයුතු ක්රියාකාරකම් සිදුවන බවට පළවූ වාර්තා පදනම් කරගනිමිනි.
එම සීමාවන් දැන් ඉවත්කර ඇති බැවින් ශ්රී ලංකාව සඳහා වූ සිය සංචාරක උපදේශනය යාවත්කාලීන කරන බවද අමෙරිකානු තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.