මහ ඡන්දෙදි පාට කරන්නෙ චූටි ඇඟිල්ල නෙවෙයිලු

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද දායකයාගේ වම් අතෙහි දබර ඇඟිල්ල සලකුණු කිරීමට කටයුතු යොදා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසයි.

ඉකුත් සැප්තැම්බර් මස 21 වැනිදා පැවැති ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්ද දායකයාගේ වම් අතේ සුළැඟිල්ල සලකුණු කරනු ලැබූ අතර, හෙට (26) පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී ඡන්ද දායකයාගේ මහපටඟිල්ල සලකුණු කිරීමට නියමිතය.

ඇඟිල්ල සලකුණු කිරීමේදී ඇතිවිය හැකි ගැටලු තත්ත්වයන් නිරාකරණය කිරීම සඳහා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී දබර ඇඟිල්ල සලකුණු කිරීමට කටයුතු යොදා තිබේ.

ඡන්දදායකයාගේ වම් අතෙහි දබර ඇඟිල්ල නොමැති නම් ඔහුගේ දකුණු අතෙහි වෙනත් ඇඟිල්ලක් සලකුණු කිරීමට නියමිතය.