වාරියපොළ අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයට හොරු පැනලා

වාරියපොළ අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයට හොරු පැනලා

වාරියපොළ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ  තිබූ රුපියල් දෙලක්ෂ පනස් පන්දහසක මුදලක් කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇතැයි වාරියපොළ පොලිසිය පවසයි.

අධිකරණ රෙජිස්ටාර්වරිය මේ සම්බන්ධයෙන් ඊයේ  (17) සිදුකළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

නඩු කිහිපයකට අදාල  මෙම මුදල ලිපි කවර තුනක බහා භාණ්ඩ කාමරයේ තිබියදී කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇති බවට  පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය පවසයි.‍

ඉකුත් ජූලි මස 07 දින හො ඔක්තෝම්බර් මස 16 දින අතර කාලය තුළ මෙම සොරකම සිදුව ඇති බවට පැමිණිල්ල ලැබුණු බවයි  පොලිසිය පවසන්නේ.