කෙහෙළිය රඹුක්වැල්ල ආදර්ශ පාසලේ නම වෙනස් කෙරේ

කෙහෙළිය රඹුක්වැල්ල ආදර්ශ පාසලේ නම වෙනස් කෙරේ

මහ­නු­වර වත්තේ­ගම අධ්‍යා­පන කලා­පයේ කුණ්ඩ­සාලේ කොට්ඨා­ස­යට අයත් කෙහෙ­ළිය රඹු­ක්වැල්ල ආදර්ශ ප්‍රාථ­මික විද්‍යා­ලයේ නම වහාම ක්‍රියා­ත්මක වන පරිදි වෙනස් කිරී­මට මධ්‍යම පළාත් ආණ්ඩු­කාර මහා­චාර්ය එස්.බී.එස්. අභ­ය­කෝන් මහතා ඊයේ (16) අනු­මැ­තිය ලබා දී තිබෙනවා.

මෙම විද්‍යා­ලය කුණ්ඩ­සාලේ රාජ­කීය ප්‍රාථ­මික විද්‍යා­ලය නමින් හැඳි­න්වී­මට පළාත් අධ්‍යා­පන දෙපාර්තුමේන්තුවේ ව්‍යුහ කමි­ටුව මඟින් යෝජ­නා­වක් ඉදි­රි­පත් කර තිබුණා.

ඒ අනුව, මධ්‍යම පළාත් ආණ්ඩු­කා­ර­ව­රයා එම යෝජ­නා­ව­ට අනු­මැ­තිය ලබා දී තිබෙනවා.

පසු­ගිය වක­වා­නුවේ කෙහෙ­ළිය රඹු­ක්වැල්ල මහ­තාට විවිධ චෝදනා එල්ල වීමත් සමඟ මෙම පාසලේ නිල නාමය වෙනස් කළ යුතු බවට ලංකා ගුරු සංග­මයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතු­ළුව විවිධ වෘත්තීය සමිති හා මවු­පිය සංවි­ධා­නය යෝජනා ඉදි­රි­පත් කර තිබුණා.

මධ්‍යම පළාත් අධ්‍යා­පන දෙපා­ර්ත­මේ­න්තුව හඳුන්වා දුන් නැනෝදා අධ්‍යා­පන සංව­ර්ධන වැඩ­ස­ට­හන සහ ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘ­තිය යටතේ 2012 වස­රේදී මෙම පාසල කෙහෙ­ළිය රඹු­ක්වැල්ල ප්‍රාථ­මික විද්‍යා­ලය යන නමින් හැඳි­න්වී­මට පිය­වර ගනු ලැබූ අතර නව තීර­ණ­යත් සමඟ මින් ඉදි­රි­යට මෙම පාසල කුණ්ඩ­සාලේ රාජ­කීය ප්‍රාථ­මික විද්‍යා­ලය ලෙසින් හඳු­න්වනු ඇති.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා 2024 පෙබරවාරි 02 වනදා අත්අඩංගුවට ගැනුණු අතර ඉන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

අනතුරුව මාස 6කට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි ඔහුව පසුගිය සැප්තැම්බර් 11 වන දින ඇප මත මුදා හැරුණා.