ඇල්පිටිය ඡන්දයේදී පාටකරන්නේ චූටි ඇඟිල්ල නෙමෙයිලු

ඇල්පිටිය ඡන්දයේදී පාටකරන්නේ චූටි ඇඟිල්ල නෙමෙයිලු

පැවති ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ඡන්ද දායකයාගේ වම් අතේ සුළැඟිල්ල උචිත ලකුණින් සළකුණු කළත් මෙම මස 26 දින පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී ඡන්ද දායකයාගේ වම් අතේ මහපටැඟිල්ල උචිත ලකුණින් සළකුණු කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ජනාධිපතිවරණයේ දී සුළැඟිල්ල සලකුණු කර ඇති බැවින් ඡන්ද විමසීම් ආඥා පනතට අනුව ඡන්ද දායකයා ලකුණු කිරීම සම්බන්ධයෙන් මතු විය හැකි ගැටළුව නිරාකරණය කිරීම සඳහා මෙලෙස වමතේ මහපටඟිල්ල සළකුණු කරන බව මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (16) අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශයට පත් කළේය.

මෙහිදී ඡන්ද දායකයාගේ වම් අතේ මහපටඟිල්ල නොමැති අවස්ථාවක දකුණු අතේ වෙන යම් ඇඟිල්ලක් උචිත ලකුණින් සළකුණු කරන බවද මැතිවරණ කොමිෂන් සභාව එම ගැසට් නිවේදනය මගින් කියා සිටී.