මාදම්පිටියේ වෙඩි තැබීමක් – එක් අයෙක් ජීවිතක්ෂයට

මාදම්පිටියේ වෙඩි තැබීමක් – එක් අයෙක් ජීවිතක්ෂයට

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මාදම්පිටිය, කනත්ත ආසන්නයේදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් ත්‍රිරෝද රථයක පිටුපස අසුනේ වාඩි වී සිටි අයිස් ජාවාරමේ නියුතු බව කියන පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පැවසුවේ, වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි.

අද දහවල් 03.00 ට පමණ එම වෙඩිතැබීම සිදුකර ඇති අතර මියගිය පුද්ගලයා වයස අවුරුදු 35ක් පමණ වන මිහිජය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පැවසීය.

මෝටර් රථයේ පැමිණි පිරිස පිස්තෝලයකින් වෙඩිතැබීම සිදුකර ඇති බවත් පොලිස් විමර්ශනයේදී අනාවරණ වී ඇත.

COMMENTS