දහම් පාසල් අවසාන විභාගයේ අයදුම්පත් භාරගැනීම දීර්ඝ කෙරේ

දහම් පාසල් අවසාන විභාගයේ අයදුම්පත් භාරගැනීම දීර්ඝ කෙරේ

2024 දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගයේ අයදුම්පත් භාරගැනීම 2024.10.07 වන දින සිට 2024.10.21 දින දක්වා දීර්ඝ කර තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල්, අමිත් ජයසුන්දර මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව, අදාළ අයදුම්පත් www.doenets.lk යන වෙබ් අඩවියෙන් භාගත කරගැනීමට හා සියලූම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් ලබාගැනීමට අවශ්‍ය කටයුතු සලසා ඇති බවද එම නිවේදනයේ සඳහන්.

සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2024.10.21 වන දිනට පෙර විභාග කොමසාරිස් ජනරාල්, ආයතනික විභාග සංවිධාන ශාඛාව, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව, තැ.පෙ 1503, කොළඹ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු වේ.

සියලු විමසීම් – 0112 785 230 / 0112 786 150