පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ පක්ෂ ලකුණු ගැසට් කරයි

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ පක්ෂ ලකුණු ගැසට් කරයි

1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ සඳහන් මැතිවරණ කාර්යන් සඳහා වූ සංශෝධිත අනුමත ලකුණු ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

මේ වන විට පිළිගත් දේශපාලන පක්ෂ 83 ක් සඳහා වෙන් කරදී ඇති අනුමත ලකුණු 83 හා එලෙස වෙන්කර දී නොමැති අනුමත ලකුණු 115 ක් මෙමගින් ප්‍රකාශයට පත්කර ඇත.

පිළිගත් දේශපාලන පක්ෂ සඳහා වෙන්කර දී ඇති ලකුණු අතර නාගයා ද වන අතර වෙන්කර දී නොමැති ලකුණු අතර ඉස්සා, කකුළුවා, පොකිරිස්සා, මීයා, බකමූණා, බෝතලය, ඉබ්බා, කිඹුලා ආදී ලකුණු සඳහන් වේ.

ලකුණු මෙතනින්