ඉන්දිය විදේශ කටයුතු ඇමැති දිවයිනට

ඉන්දිය විදේශ කටයුතු ඇමැති දිවයිනට

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා නිල සංචාරයක් සඳහා අද (04) පෙරවරුවේ දිවයිනට පැමිණියේය.

ජයශංකර් මහතා මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හමුවීමට නියමිතව ඇත.

එමෙන්ම ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා හමුවී සාකච්ඡා කිරිමටද නියමිත බවද සඳහන්ය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිස, ශ්‍රී ලංකා සිය එක් දින නිල සංචාරය නිමා කර අද (04) දින සවස 06.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළෙන්, ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම ආපසු ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව යාමට නියමිතය.

නව ජනාධිපතිවරයෙකු පත්වීමෙන් අනතුරුව මෙරටට පැමිණෙන පළමු රාජ්‍යත්‍රාන්ත්‍රිකයා මොහු වේ.