ඉන්දීය සුපිරි නළු රජිනිකාන්ත් රෝහල් ගත කෙරේ

ඉන්දීය සුපිරි නළු රජිනිකාන්ත් රෝහල් ගත කෙරේ

ඉන්දීය සුපිරි නළු රජිනිකාන්ත් රෝහල් ගතකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහු දැඩි උදර වේදනාවක් හේතුවෙන් ඊයේ රාත්‍රියේ චෙන්නායි හි ඇපලෝ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

73 හැවිරිදි නළුවාගේ තත්ත්වය මේ වන විට යහපත් වන අතර, ඔහු අද වෛද්‍ය ක්‍රියාවලියකට භාජනය කිරීමට නියමිත බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කර තිබෙනවා.

කෙසේ වෙතත් ඔහුගේ තත්ත්වය පිළිබඳව රෝහලෙන් හෝ පවුලේ ඥාතීන් තවමත් නිල ප්‍රකාශයක් සිදුකර නැහැ.

රජිනිකාන්ත් මේ දිනවල චිත්‍රපට දෙකක් සඳහා කාර්යබහුල වී සිටි බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ.