ලෝක ළමා හා වැඩිහිටි දිනය අදයි

ලෝක ළමා හා වැඩිහිටි දිනය අදයි

ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය අදට (01) දිනට යෙදී තිබේ.

ඒ නිමිත්තෙන් සංවිධානය කරන ලෝක ළමා හා වැඩිහිටි දින සැමරුම් ජාතික උත්සවය අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල සුහුරුපාය පරිශ්‍රයේ දී අද (01) පෙරවරු 09 ට පැවැත්වේ.

“සෙනෙහසේ දෑත් දිගු කර රකිමු වැඩිහිටි – ළමා පරපුර” මැයෙන් මෙම උත්සවය සංවිධානය කර තිබේ.

මීට අමතරව “දරුවන් රැකගමු – සමසේ සලකමු” තේමාවෙන් මෙවර ලෝක ළමා දින සැමරුම් වැඩසටහන් රැසක් රට පුරා පැවැත්වෙන අතර ශක්තිමත් සත්කාරක හා උපකාරක සේවා යන්ත්‍රණයන් තුළින් ගෞරවනීය වැඩිහිටි දිවියක් යන තේමාවෙන් වැඩිහිටි දින සැමරුම් උත්සව සංවිධානය කර ඇත.