විමල් වීරවංශ ඇතුළු පිරිසට එරෙහි නඩුවේ සාක්ෂි විභාගයට දින නියම කෙරේ

විමල් වීරවංශ ඇතුළු පිරිසට එරෙහි නඩුවේ සාක්ෂි විභාගයට දින නියම කෙරේ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසකට එරෙහි නඩුවක වැඩිදුර සාක්ෂි විභාගය ලබන මස (28) වනදා පැවැත්වීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

2016 වසරේ කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය අසළ විරෝධතා සිදුකර මාර්ග අවහිර කිරීම තුළින් මහජන පීඩාවක් සිදුකළ බවයි විමල් වීරවංශ මහතාට චෝදනා එල්ලවී තිබෙන්නේ.

ඒ එවක ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදීයි.

විමල් වීරවංශ, වීරකුමාර දිසානායක , මොහොමඩ් මුසම්මිල් , රොජර් සෙනෙවිරත්න යන අය ඇතුළු පිරිසකට එරෙහිව කුරුදුවත්ත පොලිසිය විසින් මෙම නඩුව ගොනුකර ඇති බවයි සඳහන් වන්නේ.