පාසල් වල උත්සව සමරන්න දෙමව්පියන්ගෙන් මුදල් එකතු කරන්න එපා – අධ්‍යාපන අමාත්‍යාංශය

පාසල් වල උත්සව සමරන්න දෙමව්පියන්ගෙන් මුදල් එකතු කරන්න එපා – අධ්‍යාපන අමාත්‍යාංශය

පාසල්වල ලෝක ළමා දිනය , ගුරු දිනය ආදී උත්සව සැමරීම සඳහා දෙමව්පියන්ගෙන් මුදල් එකතු නොකරන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය අදාල අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දී තිබෙනවා.

දෙමාපියන්ගෙන් මෙසේ මුදල් එකතුකිරීමෙන් දෙමාපියන් මෙන්ම සිසුන්ද පීඩාවට පත්වන බවයි අමාත්‍යංශය පවසන්නේ.

එමෙන්ම මෙවැනි ක්‍රියා හේතුවෙන් ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ට ද විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදුවන බවයි අධ්‍යාපන , විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පැවසුවේ.

මෙවැනි උත්සව පැවැත්වීම සඳහා දෙමව්පියන්ගෙන් මුදල් එකතුකිරීම සිදු නොකළ යුතු බවට තිලකා ජයසුන්දර මහත්මිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.