කොළඹ කොටස් වෙළෙඳපොළේ දැවැන්ත වර්ධනයක්

කොළඹ කොටස් වෙළෙඳපොළේ දැවැන්ත වර්ධනයක්

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක වල දැවැන්ත ඉහළ යාමක් අද (24) දිනයේ දී සිදුව ඇති බව වාර්තා වේ.

ඒ අනුව දිනය තුළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 237.31 කින් හෙවත් 2.16% කින් ඉහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 76.16කින්, එනම් 2.41% කින් අද දිනය තුළ ඉහළ යන ලදී.

දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒ අනුව සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 11,334.12ක් හා S&P SL20 දර්ශක අගය ඒකක 3,236.79 ක් ලෙසින් සටහන් විය.

සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට කොමර්ෂල් බැංකුව, මෙල්ස්ටාකෝප්, LOLC හෝල්ඩිංග්ස්, හැටන් නැෂනල් බැංකුව සහ සිලෝන් කෝල්ඩ් ස්ටොර්ස් ඉහළ දායකත්වයක් ලබා දීමට සමත් වූ අතර සමාගම් 170 ක කොටස් මිල ගණන් අද දින පෙර දිනයට සාපේක්ෂව ඉහළ ගොස් තිබීම විශේෂ සිදුවීමකි.