පහේ ප්‍රශ්ණ පත්‍ර ගැටලුවට අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් අත්අඩංගුවට

පහේ ප්‍රශ්ණ පත්‍ර ගැටලුවට අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් අත්අඩංගුවට

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු 57 වියේ පසුවන්නෙකි.

සැකකාර අධ්‍යක්ෂකවරයා විසින් ප්‍රශ්න කීපයක් එලෙස පිට කර ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබේ.