රන් ආකාරයකට පැපුවා නිව්ගිනියාවේ ගෝත්‍රික දෙපිරිසක් අතර ගැටුම් – 30ක් මරුට

රන් ආකාරයකට පැපුවා නිව්ගිනියාවේ ගෝත්‍රික දෙපිරිසක් අතර ගැටුම් – 30ක් මරුට

පැපුවා නිව්ගිනියාවේ මතභේදයට තුඩු දී ඇති රන් ආකරයක් සම්බන්ධයෙන් ප්‍රතිවාදී ගෝත්‍රිකයන් අතර ඇති වූ වෙඩි හුවමාරුවකින් අවම වශයෙන් පුද්ගලයින් 30 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

එරට පොලිස් කොමසාරිස් ඩේවිඩ් මැනිං පවසන්නේ ගෝත්‍රික කණ්ඩායම් අතර ඇතිවන සටන් නැවැත්වීමට ආරක්ෂක හමුදාවන්ට හදිසි බලතල ලබා දී ඇති බවයි.

සාකර් වංශයේ සාමාජිකයන් ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන පියන්ඩේට අයත් ඉඩමක අගෝස්තු මාසයේදී පදිංචි වූ දා සිට රටේ මධ්‍යම කඳුකරයේ මෙම දෙපිරිස අතර ගැටුම් ඇති වන බවයි වාර්තා වන්නේ.

ගෝත්‍රිකයන් අතර පැවති සාම සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු ඉරිදා දිනයේ පමණක් ගෝත්‍රිකයන් විසින් වෙඩි 300කට වැඩි ප්‍රමාණයක් එල්ල කර ඇති බව එරට පොලිසිය පවසනවා.

මතභේදයට තුඩු දී ඇති පෝර්ගේරා රන් ආකරය වරක් පැපුවා නිව්ගිනියාවේ වාර්ෂික අපනයන ආදායමෙන් සියයට 10ක් පමණ වූ නමුත්, ගෝත්‍රික ප්‍රචණ්ඩත්වය සහ රජය අත්පත් කර ගැනීමේ හේතුවෙන් මෑත වසරවල එහි ආදායම සැලකිය යුතු ලෙස පහත වැටී තිබෙනවා.

ප්‍රැන්සිස් පාප් වහන්සේ පසුගිය දා පැපුවා නිව්ගිනියාවේ සිදුකළ සංචාරයක දී ප්‍රචණ්ඩත්වය නතර කරන ලෙස ගෝත්‍රික කණ්ඩායම්වලින් ඉල්ලා සිටියා.