ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම අදින් අවසන්

ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම අදින් අවසන්

ජනාධිපතිවරණයට අදාල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ජන්ද දායකයින් වෙත බෙදා හැරීම අදින් (14) අවසන් කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ජන්ද දායකයින් වෙත තැපැල් මගින් බෙදා හැරීම පසුගිය 03 වන දා සිට ආරම්භ කෙරිණි.

මේ වනවිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 80 ක් පමණ ජන්ද දායකයින් වෙත තැපැල් මගින් බෙදා හැර ඇතැයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය.

තැපැල් මගින් බෙදා හැරීමේ කාලය තුළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්ද දායකයින්ට ලබන 18 දා සිට 21 දා දක්වා තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට පහසුකම් සලසා ඇතැයි ඒ මහතා සඳහන් කළේය.

තැපැල් කාර්යාලයට ගොස් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබා ගැනීමේදී තම අනන්‍යතාව තහවුරු කිරීම ඉතා වැදගත් බවත් නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.