වෙලේ සුදාගේ සිර කුටියෙන් නවීන ජංගම දුරකථනයක් සොයාගනී

වෙලේ සුදාගේ සිර කුටියෙන් නවීන ජංගම දුරකථනයක් සොයාගනී

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වන වෙලේ සුදාගේ සිර කුටියේ තිබී නවීන පන්නයේ ජංගම දුරකථනයක් සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

ඒ, විශේෂ කාර්ය බලකාය බුස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (12) සිදුකළ පරීක්ෂාවකදී යි.

බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ A කොටසේ සිරමැදිරියක් තුල මෙම හදිසි සෝදිසි කිරීම සිදුකර ඇත.

එහිදී වෙලේසුදා රඳවා තබාගෙන සිටින සිරමැදිරිය පිටුපස සඟවා තිබියදී සිම්පත් රහිත ජංගම දුරකථනයක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා බන්ධනාගාර පාලනාධිකරිය වෙත භාර දී ඇත.