ඩිල්ශාන්ගේ දියණිය ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් සංචිතයට

ඩිල්ශාන්ගේ දියණිය ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් සංචිතයට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු වන ටී.එම්. ඩිල්ෂාන්ගේ දියණිය වන ලිමන්සා තිලකරත්න ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සංචිතයට ඇතුළත් වී තිබෙනවා.

ලිමන්සා ඉදිරියේ දී පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ ඔස්ට්‍රෙලියා – නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම් වලට එරෙහිව පැවැත්වෙන තුන්කොන් තරග සංචාරයට එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ක්‍රීඩිකාවන් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහ කණ්ඩායමේ නායකත්වය මනුධි නානයක්කාරට හිමිව තිබෙනවා.

මෙම තුන්කොන් තරගාවලිය ඔක්තෝබර් 20 වැනිදා ඔස්ටේලියාවේ දී ආරම්භ වීමට නියමිතයි.

ලිමන්සා තිලකරත්න මීට පෙර වයස අවුරුදු 16න් පහළ ඔස්ට්‍රෙලියා – වික්ටෝරියානු ප්‍රාන්තයේ කණ්ඩායමකට ද ක්‍රීඩා කර තිබේ.