කැනඩාවෙන් පැමිණි මාමා ගෙන ආ මත්පැන් බෝතලයක් සොරකම් කර පානය කල සිසුන් 04කට උන දේ

කැනඩාවෙන් පැමිණි මාමා ගෙන ආ මත්පැන් බෝතලයක් සොරකම් කර පානය කල සිසුන් 04කට උන දේ

කැනඩාවේ සිට පැමිණි සිය මාමා විසින් රැගෙන එන ලද මත්පැන් බෝතලයක් සොරකම් කර සිය පාසල් මිතුරන් සිව් දෙනෙක් සමග එය පානය කිරීමෙන් අනතුරුව සිහිසුන් වී ඊයේ ( 11 ) යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.

එම මත්පැන් බෝතලය රැගෙන එන ලද එක් සිසුවෙකුගේ මාමා කෙනෙකු මත්පැන් බෝතලය නිවසේ තබා තිබියදී අදාල පාසල් සිසුවා එය හොරෙන් පාසලට රැගෙන ගොස් නොපෙනෙන ස්ථානයක සඟවා ඇත.

සවස් කාලයේ උපකාරක පන්තිය හමාර වීමෙන් පසුව මත්පැන් බෝතලය විවෘත කොට සිසුන් 4දෙනා මත්පැන් පානය කොට තිබේ.

ස්වල්ප වේලාවකදී සිසුන් හතර දෙනාම එක දිගටම වමනය කරන්නට පටන් ගෙන ඇති අතර ඔවුන් පාර අයිනේ සිහිසුන්ව ඇද වැටී තිබේ.

මහපාරේ ගිය පුද්ගලයෙකු එක් සිසුවෙකුව හඳුනාගෙන ඔහුගේ පියාට දුරකතන ඇමතුමක් ලබා දී ඇත.

ඒ අනුව පියා හා පාරේ ගිය පුද්ගලයා එක්ව සිසුන් හතර දෙනාව රෝහල් ගත කොට තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කෝපායී පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට ඇති අතර පොලීසිය හෙළිකර ගැනීමට උත්සහ කරන්නේ එම මත්පැන් බෝතලය සිසුවා විසින් සඟවා තැබු අවස්ථාවේදි ඊට කිසියම් පුද්ගලයෙකු යමක් මිශ්‍ර කොට ඇත්ද එසේත් නොමැති නම් කැනඩාවේ සිට පැමිණි පුද්ගලයා රැගෙන ආ මත්පැන් බෝතලය විෂ සහිත මත්පැන් බෝතලයක්ද යන්න නිශ්චය ලෙස හඳුනා ගැනීමටය.

පොලීසිය මේ වන විට කීප දෙනෙකුගෙන්ම ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර රෝහල් ගත කළ සිසුන් හතර දෙනට මේ වන විට මනා සිහිය ලැබී තිබේ.