ජනාධිපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමට තවත් විශේෂ දිනයක්

ජනාධිපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමට තවත් විශේෂ දිනයක්

2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස සළකා ලබන 14 සෙනසුරාදා දින ද ඡන්ද පත්‍රිකා බෙදාහැරීම සිදුකරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

අද (09) පෙරවරුවේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කොමසාරිස් ජෙනරාල්වරයා මේ බව කියා සිටියේය.

2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම පසුගිය 03 වනදා ආරම්භ වූ අතර විශේෂ දිනයක් ලෙස ඊයේ (08) දිනය ද ප්‍රකාශයට පත්කර තිබිණ.

ඒ අනුව, ඊයේ පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ සිදු කෙරුණි.