උද්දිකගේ රථයට වෙඩි තියන්න අනුබල දුන් ASP අත්අඩංගුවට

උද්දිකගේ රථයට වෙඩි තියන්න අනුබල දුන් ASP අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ වාහනයට වෙඩි තැබීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම අද (05) දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මීට පෙර සැකකරුවෙක් ලෙස නම් කළ ඔහුට විදෙස් ගතවීම වළකාලමින් අධිකරණය විසින් තහනම් නියෝග දෙකක් ද නිකුත් කර තිබුණි.

ඒ, අදාළ නඩුව මෝසමක් මගින් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය හමුවේ යළි කැදවූ අවස්තාවේදීයි.