web hit counter
මුදල් ඔට්ටුවට රේස් ගිය තරුණයින් 4ක් අත්අඩංගුවට

මුදල් ඔට්ටුවට රේස් ගිය තරුණයින් 4ක් අත්අඩංගුවට

පානදුර පරණ ගාලුපාරේ මුදල් ඔට්ටුවට යතුරුපැදි රේස් පැද්ද තරුණයන් සිව්දෙනෙකු අද අළුයම අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර , වලාන සහ බෙක්කේගම ප්‍රදේශයේ පදිංචි 19 ත් 25 ත් අතර වයසේ පසුවන තරුණයන් සිව්දෙනෙකු බව පොලිසිය කීය.

පානදුර ගොරකාන ප්‍රදේශයේ රාත්‍රි පෙරහැර සදහා පානදුර උතුර පොලිසියේ නිළධාරීන් ආරක්ෂාවට යොදා සිටින බැවින් සැකකරුවන් නිදහසේ රේස් පදින බවට ලද තොරතුරක් මත පොලිස් නිළධාරීන් පල්ලියමුල්ල ඉන්ධන පිරවුම්හල අසල දී තරුණයින් අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )