ලක්ෂ 44ක් නඩු ගාස්තු ලෙස ලබාගෙන නඩු වලට පෙනී නොසිටි නීතිඥවරයකුට උන දේ

ලක්ෂ 44ක් නඩු ගාස්තු ලෙස ලබාගෙන නඩු වලට පෙනී නොසිටි නීතිඥවරයකුට උන දේ

හිමි නමකගෙන් ඉඩම් නඩු දෙකකට පෙනී සිටීම සඳහා රුපියල් ලක්ෂ 44 ක ගාස්තුවක් ලබාගෙන නඩු වලට පෙනී නොසිටීමෙන් නීතිඥවරයා, නීතිඥවරයකුට නුසුදුසු ආකාරයට හැසිරී ඇති බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය නීතීඥ සරත් ඩබ්ලිව් ද සිල්වා මහතා නීතිඥ වෘත්තියෙන් නෙරපා හැරීමට ඊයේ (03) නියෝග කළේය.

ජ්‍යෙෂ්ඨ නීතිඥවරයකු මෙවැනි ආකාරයේ ක්‍රියාවක් නොකළ යුතු බව තීරණය කරමින් ඔහු නීතිඥ වෘත්තියෙන් නෙරපා හැරීමට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය මාසස 03කක් ඇතුලත රුපියල් ලක්ෂ 30 වන්දියක් පෙත්සම්කාර හිමිනමට ගෙවීමටද නීතීඥ සරත් ඩබ්ලිව් ද සිල්වා මහතාට නියම කළේය.

දිවුලපිටිය වැල්ලව ශ්‍රී චන්දානන්ද හිමියන් ගොනු කර තිබු පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව නීතිඥ සරත් ඩබ්ලිව් ද සිල්වා මහතා නීතිඥවරයකුට නුසුදුසු ආකාරයට හැසිරී ඇති බවට තීන්දු කරමින් එලෙස නියම කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තූරෙරාජා, කුමුදුනි වික්‍රමසිංහ සහ අචල වෙන්ගප්පුලි යන මහත්ම මහත්මින්ගෙන් සැඳුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවෙ පෙත්සමවිභභාග කෙරිණී.

සෙසු විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් යුතුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තූරෙරාජා මහතා තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණී.

දිවුලපිටිය වැල්ලව ශ්‍රී චන්දානන්ද හිමියන් ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නීතිඥ සරත් ඩබ්ලිව් ද සිල්වා මහතා නම් කර සිටියේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කුමුදුනි වික්‍රමසිංහ සහ අචල වෙන්ගප්පුලි යන මහත්ම මහත්මින්ගෙන් එකඟත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තූරෙරාජා මහතා විසින් ප්‍රකාශයට පත් කළ තීන්දුවේ මෙසේ සඳහන් වෙයි.

පෙත්සම්කාර චන්දානන්ද හිමියන් කුරුණෑගල සහ මිනුවන්ගොඩ දිසා අධිකරණවල ඉඩම් නඩු දෙකක් පවරා තිබු බවත් එම ඉඩම් නඩුවල තමන් වෙනුවෙන් පෙනී සිට කරුණු ඉදිරිපත් කිරීම සඳහා වගඋත්තරකාර නීතිඥ සරත් ඩබ්ලිව් ද සිල්වා මහතාට රුපියල් 44,50,000/-මුදලක් ගෙවා ඇතැයිද නඩු විභාගයේදී හෙළිවිය.