ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් ඩෙවොන් ඇළට පෙරළෙයි

ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් ඩෙවොන් ඇළට පෙරළෙයි

තලවකැලේ සිට හැටන් කොටගල දක්වා ධාවනය කරමින් තිබූ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඩොවොන් දිය ඇල්ලට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා ඩොවොන් ඇළ මාර්ගයට පෙරලී තිබේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ ලොරි රථයේ රියදුරා කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව දිඹුල පතන පොලීසිය පැවසීය.

මෙම අනතුර සිදු වී ඇත්තේ, ඊයේ (02) රාත්‍රි 7 ට පමණ හැටන් – නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටගල ප්‍රාදේශිය රෝහල ආසන්නයේදිය.

ධාවනය කරමින් තිබු ලොරි රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ලොරි රථය රියදුරු පාලනයෙන් මිදී මාර්ගයෙන් ඉවතට පැන ඩොවොන් ඇළ මාර්ගයට පෙරලී මෙම අනතුර සිදු වී ඇති බවයි, අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන පොලිසිය කියා සිටියේ.

ලොරි රථය ඇළ මාර්ගයට පෙරලීමත් සමග ලොරි රථයේ රියදුරා සිහිසුන් වී රියදුරු අසුනේම රැදි සිටියදී වතු කම්කරුවන් පිරිසක් සහ දිඹුල පතන පොලිසියේ නිලධාරින් පිරිසක් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා රියදුරා ඉන් ඉවතට ගෙන රෝහල වෙත ඇතුලත් කර ඇත.

ලොරි රථය අනතුරට පත් වන අවස්ථාවේ රියදුරා පමණක් ගමන් කර ඇති බවද දිඹුල පතන පොලිසිය පැවසීය.