මාර්ග කිහිපයක රථවාහන තදබදයක්

මාර්ග කිහිපයක රථවාහන තදබදයක්

වර්ෂාව හේතුවෙන් මාර්ග කිහිපයක රථවාහන තද බදයක් ඇති වී තිබෙනවා.

හයිලෙවල් මාර්ගය සහ පාර්ලිමේන්තු මාර්ගයේ මේ වන විට රථවාහන තදබදයක් ඇති වී තිබෙන බව වාර්තා වනවා.

මේ අතර, බස්නාහිර සහ සබරගමුව පළාත් වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලට අද (03) දිනයේ මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඊට අමතරව වයඹ පළාතට මෙන්ම මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවල ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.