ගම්පොළ මැතිවරණ සාදයකට මැතිවරණ කොමිසම කඩා පනී – ආධාර කරුවන්ට දෙන සංග්‍රහයත් නතර කරයි

ගම්පොළ මැතිවරණ සාදයකට මැතිවරණ කොමිසම කඩා පනී – ආධාර කරුවන්ට දෙන සංග්‍රහයත් නතර කරයි

ස්වාධීන ජනාධිපති අපේක්ෂකයකුට සහාය පළ කරමින් ගම්පොළ බෝතලාපිටියේ උත්සව ශාලාවේ පැවති ජන හමුවෙන් පසු සිය ආධාරකරුවන්ට සූදානම් කර තිබූ සංග්‍රහය අවලංගු කර එම ආහාර වලින් කොටසක් ගම්පොල පොලිස් භාරයට පත් කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කළේය.

රැස්වීමට පැමිණ සිටි ආධාරකරුවන් හට රාත්‍රී ආහාර ලෙස බුරියානි ලබාදීමට සූදානම්ව පවතින බවට මැතිවරණ කොමිසම වෙත ලැබී තිබූ පැමිණිල්ලකට අනුව එම නිලධාරීන් මෙම වැටලීම සිදුකර තිබේ.

ආධාරකරුවන් 1500 ක් සඳහා ආහාර ලබාදීමට සූදානම් කර තිබූ බව පැවසේ.
මෙම හමුවට ප්‍රබල දේශපාලකයන් පිරිසක් එක්ව සිටියහ.

මොවුන් පැමිණීමට පෙර මැතිවරණ කොමිසමෙ නිලධාරීන් මෙසේ පැමිණ මෙම ආහාර ඔවුන් භාරයට ගෙන තිබේ.

එම නිලධාරීන් ගම්පොළ පොලිසියේ සටහන් දමා පිටව ගිය අතර රාත්‍රී නමය පමණ වන විට ආරාධිත කථිකයන් පැමිණ එම රැස්වීම පවත්වාගෙන ගොස් තිබේ.