මත්කුඩු අලෙවි කරන නිවසක සිටි පොලිසියේ 3ක් අත්අඩංගුවට

මත්කුඩු අලෙවි කරන නිවසක සිටි පොලිසියේ 3ක් අත්අඩංගුවට

මත්කුඩු අලෙවි කරන නිවසක සැක කටයුතු අන්දමින් රැදී සිටී පොලිස් කොස්තාපල් වරුන් තිදෙනෙකු අද (29) අලුයම අත්අඩංගුවට ගත්බව වැලිපැන්න පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මතුගම පොලිසියේ රාජකාරි නියුතු කොස්තාපල්වරුන් තිදෙනෙකි.

සැකකාර පොලිස් නිළධාරින් තිදෙනා මත්කුඩු අලෙවි කරන නිවසක රැදී සිටින බවට උසස් පොලිස් නිළධාරියෙක්ට ලද තොරතුරක් මත වැලිපැන්න පොලිසිය දැනුවත් කිරීමෙන් පසු රාත්‍රි ජංගම සංචාරය නිළධාරින් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර පොලිස් නිළධාරීන් අයිස් මත්ද්‍රව්‍ය පානය කිරීම සදහා එහි රැදී සිටියාදැයි පරීක්ෂණ සිදුකරන බව පොලිසිය සදහන් කරයි.