රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය බ්‍රහස්පතින්දා
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම ලබන බ්‍රහස්පතින්දා (29) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.
“පුලුවන් ශ්‍රී ලංකා ” යන දැක්ම මුල් කර ගනිමින් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කර තිබේ.
රට බංකොලොත් භාවයෙන් මුදාගෙන ආර්ථික සමෘද්ධිය කරා ගෙන යෑමේ මූලික පියවර තැබීම සහ ක්‍රම ක්‍රමයෙන් රට දියුණු රාජ්‍යයක් කරා රැගෙන යෑමේ සැලසුම් “පුළුවන් ශ්‍රී ලංකා” ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ සියලු ජන කොටස් වලට යහපත් රටක් ගොඩනැගීම “පුළුවන් ශ්‍රී ලංකා” ප්‍රතිපත්ති ප්‍රකාශයේ මූලික අරමුණක් බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුදයට මුහුණ දුන් ශ්‍රී ලංකාව ක්‍රම ක්‍රමයෙන් යථා තත්ත්වයට ගැනීමෙන් පසු තවත් ඉදිරිගාමී පියවරක් තැබීම වෙනුවෙන් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අවධානය යොමු කර තිබෙන බවද එම ප්‍රකාශකයා කීය.