රොනාල්ඩෝගෙන් නව ලෝක වාර්තාවක්

රොනාල්ඩෝගෙන් නව ලෝක වාර්තාවක්

ලෝකප්‍රකට පාපන්දු ක්‍රීඩක පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ නව ලෝක වාර්තාවක් බිහි කර තිබෙනවා.

එනම් රොනාල්ඩෝ විසින් ආරම්භ කරනු ලැබූ ඔහුගේ නවතම නිල යූටියුබ් නාලිකාව මිනිත්තු 90ක් තුළදි මිලියනයක් ග්‍රාහකයින් වෙත ලඟා වූ වේගවතම යූටියුබ් නාලිකාවේ ලෝක වාර්තාව තබමිනි.

UR.Cristiano නම් මෙම නාලිකව නිකුත් කර ගතවූ පලමු මිනිත්තු 90 ඇතුලත මෙම කඩයිම් පසු කර ඇති බවයි වාර්තා වන්නේ.

මේවන විට එය ග්‍රාහකයින් මිලියන 10ද පසු කර අවසන්.

ඒ අනුව මෙය මෙතෙක් ඉතිහාසයේ වේගයෙන්ම මිලියනයේ කඩයිම පසුකළ යූටියුබ් නාලිකාව වනවා.

මීට පෙර සුප්‍රසිද්ධ Sidemen නම් බ්‍රිතාන්‍ය යූටියුබ් සමූහයක අනුබද්ධ නාලිකාවක් වන ‘Sidemen Reacts’ මෙම වාර්තාව තබා තිබුණා.