රංගිරි දඹුලූ විහාර භාරකාර අඹගස්වැවේ ශ්‍රී රාහුල නාහිමි ආදාහන පූජෝත්සවය හෙට

රංගිරි දඹුලූ විහාර භාරකාර අඹගස්වැවේ ශ්‍රී රාහුල නාහිමි ආදාහන පූජෝත්සවය හෙට

අපවත් වී වදාළ රංගිරි දඹුලූ රජමහා විහාර සහ ශ්‍රී විෂ්ණු දේවාලය භාරකාර අඹගස්වැවේ ශ්‍රී රාහුල නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳව අවසන් කටයුතු දඹුල්ල රාජමහා විහාරස්ථ අදාහන මළුවේ දී හෙට (22) සවස සිදුකෙරෙන බව අදහන කමිටුව පවසති.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අපවත් වී වදාළ ඓතිහාසික රන්ගිරි දඹුලූ රජමහා විහාරයේ සහ ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර, මැද පන්සලේ විහාරාධිපති වළගම්බා මහා පිරිවෙනේ අධ්‍යක්ෂ සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක අඹගස්වැවේ ශ්‍රී රාහුල නාහිමියන්ගේ දේහය ඊයේ (20) උදෑසන උන්වහන්සේ වැඩ සිටි ඓතිහාසික රංගිරි දඹුලූ රජමහා විහාරස්ථ මැද පන්සල වෙත වැඩම කළහ.

ප්‍රදේශවාසීහු විශාල පිරිසක් ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීමට උදෑසන සිටම පැමිණ සිටියහ.

අඹගස්වැවේ රාහුල නාහිමියන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමට මහා සංඝයා වහන්සේගේ ප්‍රධානත්වයෙන් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය මහතා සහ ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් ද පත් කර ඇත.

දේහය පිළිබඳ අවසන් කටයුතුවලට අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගන්නා බව ආදාහන කමිටුවේ සභාපති බම්බාව රජමහා විහාරාධිපති ලේනව මංගල නාහිමියෝ පැවසූහ.