කමිඳු මෙන්ඩිස් – ජෙෆ්‍රී වැන්ඩර්සේ අද එංගලන්තයට

කමිඳු මෙන්ඩිස් – ජෙෆ්‍රී වැන්ඩර්සේ අද එංගලන්තයට

වීසා ප්‍රමාදයක් හේතුවෙන් එංගලන්තය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමගින් මෙරටින් යෑමට නොහැකි වූ ජෙෆ්‍රී වැන්ඩර්සේ සහ කමිඳු මෙන්ඩිස් අද (15 වැනිදා) එංගලන්තය බලා මෙරටින් පිටත් වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

කමිඳුගේ වීසා අනුමත වීම ප්‍රමාද වූ අතර, ආබාධයට ලක් වූ වනිඳු හසරංග වෙනුවෙන් කණ්ඩායමට එක් වූ ජෙෆ්‍රී වැන්ඩර්සේ වෙනුවෙන් වීසා අයැදුම් කිරීම ප්‍රමාද වීම මෙම ගැටලුවට හේතුව විය.

මේ හේතුවෙන් ඊයේ (14 වැනිදා) ආරම්භ වූ පුහුණු තරගයද මොවුන් දෙදෙනාට මග හැරුණි.